ධර්මයුද්ධය ඇසුරින් මහබැංකු කොල්ලය විසඳන හැටි
මේ දවස්වල ජයටම යන චිත්‍රපටිය මොකක්ද කියල ඇහුවොත් ඕනිම කෙනෙක් කියන්නේ ධර්ම යුද්ධය කියල මොකද ඇත්තටම ඒ චිත්‍රපටය ගැන ගොඩ දෙනෙක් කතා කරන්න පටන් අරන් තියනවා. ටීවී එක දිහා බලාගෙන හිටියම මට පෙනුන දේ තමයි ධර්ම යුද්ධය බලන්න ගොඩක් පවුලේ අය ඇවිත් තිබුනේ
ජිවිතයට ආදර්ශයක් ගන්න ඒ වගේම දරුවොත් මේ ච්ත්‍රපටිය බලලා තමාගේ ජිවිතයට ගොඩක් දේවල් අරගෙන තියන බව කියවුනා. සමහර අය අතරේ මේ වගේ අදහස් ප්‍රකාශ වුනා මට මතකයි. " මගේ තාත්තා මට කොච්චර ආදරේ කරනවද කියල දැනුනේ අද" ජැක්සන් මාම දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුනේ අපේ තාත්තව" මේ වගේ අදහස් ඒ අතරේ තිබුනා.
මේ දේවල් ගැන කිවුවට මම අද කතා කරන්නේ නම් චිත්‍රපටිය ගැන නෙවෙයි. මේ චිත්‍රපටිය හරහා ලංකාවේ පොලිස්සියට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගැන. හරිම සරලයි.
මේ වෙනකොට හැමෝම මහා බැංකු කොල්ලයක් ගැන කතා කරනවා. හැබැයි අපිට තවම තියෙන්නේ මේ ගැන සැක පුද්ගලයෝ කීප දෙනෙක් ගැන ඇදහ්ජස්ක් විතරයි. තවම හරි හොරා කවුද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ චිත්‍රපටියේ එක එක චරිත වලට එක එක අය දාල බලන එක. නිකමට වගේ අපි හිතල බැලුවොත් රවී අස්වෙච්ච එක මේ හොරකම වහන්න කරන දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විට ඇත්තටම රවී පවු වෙන්නත් පුළුවන්.
එහෙම නෙවෙයි අපි දැන් ඔය රවී ගැන විතරනේ සැක හිතන්නේ රවී නැතුව අපි හිතන්නෙම නැති කෙනෙක් මේ වැඩේ කරලා තියනවා වෙන්නත් පුළුවන්.
ලංකාවේ චිත්‍රපටි කලාව වැටෙනවා කියන එකේ ඔය වගේ චිත්‍රපටි දෙක තුනක් හදුනානම් ඇත්තටම ලංකාවේ පවුල් වල අය අදර්ශයක් හරි ගනී. මේකද දෙවියනේ ගෙදර ඉඳන් හදාගන්න බැරි එකාට. ගෙදර ඉඳන් සෙනෙහස ගැන නොතේරෙන පොඩි එකාට මේ කොහෙන්දෝ ගෙනාපු චිත්‍රපටියක් නිසා මුළු රටම හැදිල තියනවනේ. එහෙම වුනොත් මහබැංකුවේ හොරු ටික වගේ තවත් සිදුවීම් ලංකාවේ වෙන එකක් නැතිවෙයි.
සනහර විට අපේ හිත උණු වෙන හින්දා අපිට මේ හොරකම කරපු අයගේ පවුලේ අය ගැන දුක හිතිලා අපි එයාව නිදහස් කරන්නත් පුළුවන්. මොකද හැමෝම තාත්තලානේ.
- කළං -
0 comments