ජොබ් එකෙන් ඉල්ලා අස්වෙන්න කියන එක වැරදී
උඹල නම් කියයි "හෙට ඉල්ලා අස්වීම දෙන්න" කියල, ඒ වුනාට අස්වෙලා ගෙදර ගියාම ගමේ එවුන්, ගෙවල් අහල පහල එවුන් මොනවා නම් කියයිද..?
උඹල හිතනවා ඇති මේ රස්සාව කළා කියල මහලොකු හානක් හොයන්න පුළුවන් කියල. නැහැ බොහොම පොඩි පඩියක් ලැබෙන්නේ. ඒ සල්ලි වලින් තමයි මම මුළු පවුලම ජිවත් කරවන්නේ. ඉතින් එහෙම ජිවත් වෙන අතරතුරේදී මගෙන් මොකක් හරි වරදක් වුනා කියල කියන්නකෝ එතකොට ඇයි ඔච්චර කලබල වෙන්නේ..? වැරදි සිද්ධ වෙන එක මනුස්ස ගතියක් සමාව දෙන එක දේව ගතියක් කියල නිකමට හරි අහල තියනවද..?
අනිත් එක දැන් හැමෝම රවී මහත්තයට "මට මතක නැහැ" කියල කිවුව කියල විහිළු කරනවා. ඇත්තටම මිනිස්සුන්ට එහෙම අමතක වෙන්න බැරිද..? ඕනි තරම් මිනිස්සුන්ට රැකියාව කරන තැනදි දේවල් අමතක වෙන්න බැරිද..? ගෙදරින් ගෙනියන කෑම එකේ ඉඳල ඇඳගෙන යන කලිසම දක්වා ඕනිම දෙයක් අමතක වෙන්න පුළුවන්. මොකද ඒ රැකියාව කරන තැන තියන වැඩ ගොඩත් එක්ක. ඉතින් මුළු රටේම මුදල් බලන ජොබ් එක කරන රවී මහත්තයට ඒ විදිහට අමතක වෙන්න බැරිද..? පුළුවන්නේ එක සාධාරණයි නේ..
ඉතින් එහෙනම් දෙවියනේ ඇයි ඒ අහිංසකයට ගෙදර යන්න කියල කියන්නේ.
ඡායාරූපය - ෂෙහාන් ගුණසේකර
ඡායාරූපය - ෂෙහාන් ගුණසේකර
0 comments