හිට්ලර්ලා බිහිවන තුරු කිරිසප්පයන්ගෙන් ආතල් ගැනීම.
නායකත්ව පුහුණු වැඩසටහන පිළිබඳව රැල්ලක් මේ වන විට සමාජය තුල ඇතිවෙමින් තිබේ. දහම් පාසල්, පාසල් සහ ආයතන මුලික කරගනිමින් විවිධ පුද්ගලයන් නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වමින් සිටි. ඔවුන් සතුව තිබෙන වෘත්තීය සුදුසකම් මොනවාදැයි යන්න පිළිබඳව හෝ බැලීමක් මෙකී නායකත්ව පුහුණු වැඩසටහන් වලදී සිදුවනවාද යන්න ප්‍රශ්නාර්තයකි.
දිනෙන් දින ඇරඹෙන විවධ ෆේස්බුක් හරහා පෞර්ෂ වර්ධනය යන මුවාවෙන් මුදල් ඉපයීම සිදු කරන සහ සමාජය තුල තමන්ගේ පෞර්ෂය ගොඩ නගා ගන්නා බොහෝ දේශකයන් ඒ සඳහා සැබැවින්ම සුදුස්සන් දැයි අප විමසා බැලිය යුත්තේ ඔවුන් සමාජයට ගෙන එන පණිවිඩය, හේතුකාරණා නොඅසා මිනිසුන් විශ්වාස කරන නිසාය.
මා මේ ලිපිය ලියන්නට සිතුවේ මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතින වීඩියෝවක් නිසාය.
මගේ රට
මගේ ජාතිය
මගේ ආගම
මගේ භාෂාව, කියා වටිනා රත්න හතරක් ඇති බව අපට මුලින්ම කියා දුන්නේ අනගාරික ධර්මපාල තුමයි. ඒ පිළිබඳව අපේ පාසල් පෙළ පොත් වලද ඇතුලත්ව තිබු බව මට මතකය. ඒ කාලේ එම පාඩම කියවන විට ගුරුවරු රටේ අභිමානය ගැන කියා දුන් අයුරු තාමත් අපට මතකය. එකල එය ඇඟේ මයිල් කෙලින් වෙන කතාවකි. ඒ හැර පාසල් ගුරුවරුන්ට කිසිවිටෙකත් එම කතාවට ගැඹුරක් එක්කිරීමට හෝ එහි අර්ථය ගැන විශ්ලේෂනයක් කිරීමට පොටක් පාදා දීමටවත් හැකි වුයේ නැත. එබැවින් එවැනි කාරණා රැසක් හේතුවෙන් ඥානසාර හිමි වැනි අයට අසීමාන්තිකව පෙම් කරන පරපුරක් බිහිව ඇත.
0 comments